පළපුරුදු සහ මනා පුහුණුව ලත් කාර්ය මණ්ඩලය අපගේ නේවාසික ප්‍රතිකාර සේවාවේ ශක්තියයි. අප රෝහල ඇඳන් 300 කින් සමන්විත රෝහලක් වන අතර, රෝහලේ වාට්ටු මුලික සත්කාර ඒකකය, වෛද්‍ය ඒකකය, ඒකලන ඒකකය, ඩෙංගු අධි ප්‍රතිකාර ඒකකය, HIV ඒකකය, භික්ෂු වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකය ලෙස බෙදා ඇත. 2023 වසරේ රෝහලට ඇතුළත් වූ රෝගීන් සංඛ්‍යාව 19621 කි. අප රෝහල මූලිකව බෝවන රෝග සහිත රෝගීන්ට සහ වෙනත් කායික රෝග සහිත රෝගීන්ට සේවාව ලබා දේ.
මූලික ප්‍රතිකාර ඒකකය (PCU / වාට්ටුව - 01)
රෝගීන් ඇතුළත් කිරීම හා මූලික ප්‍රතිකාර ලබා දීම මෙම ඒකකය හරහා සිදුවේ. මෙය රෝහලේ කාර්ය බහුලම වාට්ටුවයි. මූලික ප්‍රතිකාරවලින් පසු රෝගීන් මුදා හැරීම හෝ අදාළ ඒකක වෙත කිරීම සිදු කරනු ලැබේ. මෙම ඒකකය කාර්යක්ෂම කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලැබේ.
ළමා රෝග ඒකකය (වාට්ටුව - 02)
ළමා රෝග ඒකකය වෙනම අධි සත්කාර ඒකකයක් සහිත වාට්ටුවකින් සමන්විත වේ. එහි ළමා රෝගීන් 35 දෙනෙකුට ප්‍රතිකාර සැලසිය හැකිය. මෙම ඒකකය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගෙන් සහ මාතෘත්වයෙන් රැකවරණය ලබා දෙන දක්ෂ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. බිතු සිතුවම්, කතන්දර කෝනය, ළමා උයන සහ සාමකාමී වටපිටාව රෝගී දරුවන්ට ගෘහ පරිසරයක් පවත්වා ගැනීමට උපකාරී වේ.
HIV/ AIDS ඒකකය
HIV/AIDS ඒකකය 1987 දී ආරම්භ කරන ලදී. දැනට ශ්‍රී ලංකාවේ HIV සහ AIDS ආසාදිතයින් සඳහා වෙන්වූ එකම වාට්ටුව මෙයයි. සුහදශීලී කාර්ය මණ්ඩලය HIV රෝගීන් සඳහා සමානාත්මතාවයෙන් යුත් පරිසරයක් ගොඩනගා ඇත. හොඳින් පුහුණු වූ දක්ෂ කණ්ඩායමක් මෙම රෝගීන් සඳහා පුළුල් සත්කාරයක් ලබා දෙන අතර එය රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් අගය කරනු ලැබේ. මෙම ඒකකය පසු විපරම් රෝගීන් සඳහා වෙනම සායනයක් පවත්වාගෙන යයි. සායනයේදී ඔවුන් අවශ්‍ය පරීක්ෂණ සිදු කර ප්‍රතිවෛරස් ඖෂධ නිකුත් කරයි.
ඒකලන ඒකකය (වාට්ටුව - 04)
බෝවන රෝග සදහා කේන්ද්‍රස්ථානය ලෙස ඒකලන ඒකකය කොරෝනා, SARS, H1N1, H5N1, ඉන්ෆ්ලුවෙන්සා ආසාදන වැනි වසංගත වලදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ලෝක වසංගත තත්ත්වයන් තුළ ඉබෝලා, කහ උණ සහ අලුතින් මතුවන ආසාදනවලින් පෙළෙන රෝගීන් සඳහා මෙම ඒකකය සූදානම් කර ඇත. ඇතැම් අවස්ථාවන් හිදී නිරෝධායන කටයුතු සඳහා සැක සහිත රෝගීන් ගුවන් තොටුපළෙන් රැගෙන එනු ලැබේ.
එය බෝවන රෝග ඇති රෝගීන් නිරෝධායනය කිරීම සඳහා සුදුසු පරිදි නිර්මාණය කරන ලද ඒකලන කාමර වලින් සමන්විත වේ. එහි රෝගීන් 30 දෙනෙකුට නවාතැන් ගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ බෝවන රෝග සඳහා නම් කර ඇති එකම ඒකලන වාට්ටුව වන බැවින් එය මුළු රටටම සේවා සපයයි.
සරම්ප, පැපොල, ක්ෂය රෝගය, Covid 19 ආසාදනය, කුරුළු උණ, වඳුරු උණ සහ තවත් බොහෝ බෝවන රෝග ඇති රෝගීන් මෙම වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර කරනු ලැබේ. 2019 වසරේ කොවිඩ් 19 වැනි විශාල වසංගත තත්ත්වයන් තුළ රෝහලේ අනෙකුත් වාට්ටු ද රෝගීන් ඉවත් කර බෝවන රෝග සහිත රෝගීන් කළමනාකරණය සඳහා යොදා ගන්න ලදී.